13 September 2025

logo

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්



වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. 

එම පෙරහැර අද (13) වීදි සංචාරය කිරීමට නියමිතයි. 

මෙම පෙරහැර අද (13) රාත්‍රී 07.00 සිට හෙට (14) අලුයම 01.00 දක්වා වීදි සංචාරය කරන කාලය තුළ වාද්දුව පොලිස් වසමේ කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලීසිය සඳහන් කළා.

එමනිසා පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
 

* කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථ වාහන 

පානදුර ඔරලෝසු කණුව අසළින් හොරණ පාරේ අළුබෝමුල්ල හරහා බණ්ඩාරගමට ගොස් බණ්ඩාරගම හන්දියෙන් දකුණට ඇති මොරොන්තුඩුව මාර්ගයේ ගොස් වාඩිය මංකඩ හන්දියෙන් වමට හැරී කළුතර හරහා ගාල්ල දෙසට ගමන් කළ හැකියි. 

* ගාල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථ වාහන 

කළුතර උතුර පොලිස් වසමේ වාඩිය මංකඩ හන්දියෙන් දකුණට ඇති මොරොන්තුඩුව මාර්ගයේ බණ්ඩාරගම දක්වා ගමන් කර බණ්ඩාරගම හන්දියෙන් වමට හැරී අළුබෝමුල්ල හරහා පානදුර දෙසට ගොස් පානදුර ඔරලෝසු කණුව හන්දියෙන් දකුණට හැරී කොළඹ දෙසට ගමන් කළ හැකියි. 

(colombotimes.lk)