13 September 2025

logo

බස් රථ අලංකරණයට අවසර ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛය ගැන විශේෂ දැනුම්දීමක්



බස් රථ අලංකරණයට අවසර ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තම්න්තුව පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛය ද මේ වන විට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර  තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට පෙර බස් රථ සැරසිලි, උපාංග, සවිකිරීම සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සඳහා අවසර ලබාදෙමින් අදාළ චක්‍රලේඛනය නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම නව චක්‍රලේඛය මඟින් මෙම සියලු උපාංග සවි කිරීමේ කටයුතු තහනම් වන බවයි වාර්තා වන්නේ. 







 

(colombotimes.lk)