අම්බලන්ගොඩ, පෝනදූව ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා කොකේන් මිලිග්‍රෑම් 225ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 125ක්, ගංජා ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 400ක් හා නීති විරෝධී සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් හා සැකකාරියන් 28දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ හා අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් වයස අවුරුදු 18 - 44 වයස්වල පසුවන බටපොල, ඌරගස්ම හංදිය, බලපිටිය, හෝමාගම, බේරුවෙල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
(colombotimes.lk)
