මොනරාගල - දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක අද (07) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව කර්මාන්තශාලාව පුරාවට වේගයෙන් පැතිර යමින් තිබෙන ගින්න පාලනය කිරීමට මොනරාගල ගිනි නිවීම් රථ සහ ප්‍රදේශවාසින් සමඟ එක්ව පොලිස් නිලධාරීන්ද මේ වන විට කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අදාළ ගින්නෙන් ඒ අසළ තිබූ ලොරි රථයකටද හානි සිදුවී ඇති බවයි.
(colombotimes.lk)
