08 June 2026

logo

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට දැනුම්දීමක්



එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට ඇති පුරෝකථන හේතුවෙන් වගා කටයුතු සඳහා වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ පී. එස්. ඩී. හේරත් සඳහන් කළේ මේ වන විට යල කන්නය සඳහා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් වාරි ජලාශවල පවතින බවයි.

එමෙන්ම මෙම එල්නිනෝ තත්ත්වයෙන් ලබන මහ කන්නයේදී බලපෑම් එල්ල විය හැකි බැවින් වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)