නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඒ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර්ගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහායි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නේපාල විදේශ අමාත්‍යවරයා අද (05) ඉන්දියාව පැමිණීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දේශසීමා ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.
(colombotimes.lk)
