පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව ඊයේ (04) රාත්‍රියේ කඳාන, ජා-ඇල, වත්තල සහ රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීති විරෝධී ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම ජා-ඇල, වත්තල, කදාන හා රාගම ප්‍රදේශ මූලික කර ගෙන රථවාහන සෝදිසි කිරීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
(colombotimes.lk)