06 July 2025

logo

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්



වත්මන් කථානායකවරයා සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ ඔහු ජනතා බදු මුදල් අවභාවිත කරමින් අමතර නිල රථයක් සහ නිල නිවාසයක් භාවිත කරන අතර ඒවා සිය පෞද්ගලික ලේකම්වරයාටද භුක්ති විදීමට අවස්ථාව සලසා දෙන බවට චෝදනා කරමින්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කථානායකවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු මේ වන විට විදෙස්ගතව පසුවන බවයි වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ අදාළ චෝදනා පදනම් විරහිත බවයි.

එමෙන්ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවද කථානායකවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළා. 

(colombotimes.lk)