05 July 2025

logo

ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළක ගින්නක්



ස්පාඤ්ඤයේ Palma de Mallorca ගුවන්තොටුපළේ ගුවන්යානයක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් පුද්ගලයන් 18දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි. 

අදාළ ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්‍ටර් ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 18දෙනාගෙන් පුද්ගලයන් 06දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ගුවන්තොටුපළ ගිනි නිවන භටයින්ගේ සහ සිවිල් නිලධාරීන්ගේ සහාය ඇතිව ගුවන් යානයේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා. 


(colombotimes.lk)