01 July 2025

logo

ඩිජිටල් ආර්ථිකය සඳහා රුපියල් මිලියන 3,000ක්



ඩිජිටල් ආර්ථික සංවර්ධනයේ මූලික පියවර වශයෙන් ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීම අනිවාර්ය කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් වන බවත් ඩිජිටල් ආර්ථිකය සඳහා අලුතින් මිලියන 3,000ක මුදලක් වෙන් කරන බවත් ඔහු කියා සිටියා.

ඉදිරි වසර 05 තුළ මෙරට ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවන මට්ටමට හෝ ජාතික ආර්ථිකයෙන් 12% මට්ටමක පවත්වා ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

colombotimes.lk