2026 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 130ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 27ක් ඉතිරිව සිටියදීම එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.
එහිදී චමරි අතපත්තු පන්දු 61ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 106ක් රැස් කිරීමට සමත්වුණා.
චමරි අතපත්තු වාර්තා කළ මෙම ශතකය වාර්තා අතරට එක්වුණේ ඇය T20 ලෝක කුසලානයකදී වාර්තා කළ පළමු ශතකය ලෙසයි.
ඒ සමඟින් අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 9කින් ජයග්‍රහණය කළා.
(Colombotimes.lk)