24 June 2026

logo

නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට විශේෂ කමිටුවක්



නැගෙනහිර පළාතේ සිදු වන නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, අනවසර ඉඩම් ගොඩ කිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. 

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර පළාතේ ඉඩම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සහ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතව තිබෙනවා. 

එම කමිටුවේ සභාපතිත්වය දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස් සහ වර්තමාන දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ විසින් දරන අතර, අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන සාමාජිකයන් ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ. 




(colombotimes.lk)