24 June 2026

logo

අනවසර කැණීම් සිදු කළ පිරිසක් පොලිස් දැලේ



පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බෝගස්වැව ප්‍රදේශයේදීයි. 
 
එම සැකකරුවන් සේමමඩු රක්ෂිතයේ කැණීම් සිදු කරමින් සිටින අතරතුර කැණීම් උපකරණ ද සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලීසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුුරුදු 23, 38 සහ 74 වියේ පසුවන නාච්චාදූව සහ පූනෑව ප්‍රදේවල පදිංචිකරුවන් බවයි. 

(colombotimes.lk)