24 June 2026

logo

රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිසංස්කරණයට විශේෂ කොමිෂන් සභාවක්



රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 15දෙනෙක්ගෙන් යුත් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

තෙල්ගේ අශෝක පීරිස්ගේ සභාපතිත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ පවතින ගැටලුවලට විසදුම් ලබාදීම රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයකට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු ද යන්න සඳහා නිර්දේශ ලබාගැනීම මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණ වන බව සඳහන්. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බළතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.







 


(colombotimes.lk)