සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර එලෙස පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහුට භාරදී තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිවරයෙක් වන ඔහු මෙම පත් කිරීම සිදු කරන විට ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ කටයුතු කරමින් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
