11 July 2025

logo

දින 05කදී සංචාරකයන් 30,000ක් දිවයිනට



නොවැම්බර් මස ආරම්භයේ සිට 5 වනදා දක්වා දින 5ක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 30,620ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, පෝලන්තය වැනි රටවල්වලින් බවයි වාර්තා වන්නේ.  

පසුගිය මාසයේදී පමණක් සංචාරකයන් 135,907ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

(colombotimes.lk)