ඇමරිකාවේ ටෙක්සාස්හී ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81දෙනෙක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ළමුන් 28දෙනෙක් සිටින බවයි.
එමෙන්ම තවත් පුද්ගලයන් 41දෙනෙක් තවමත් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ කලාපයේ තවත් කුණාටු අපේක්ෂා කරන අතර මේ වන විටත් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ප්‍රදේශයේ පවතින මඩ සහ සර්පයන් හේතුවෙන් දැඩි බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)