30 May 2026

logo

ජාතික පරිසර සතිය අදින් ඇරඹෙයි



ජගත් පරිසර දිනයට අදාළ ජාතික පාරිසරික සතිය අදින් (30) ආරම්භ වනවා. 

ඒ අනුව අද (30) සිට ජුනි 05වනදා දක්වා ජාතික පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එම සතිය තුළ ආකල්ප වර්ධනය, පවිත්‍රතාවය, වායු දූෂණ පාලනය, ජෛව විවිධත්වය සුරැකීම, ජල සංරක්ෂණය සහ වෙරළ පවිත්‍ර කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දිනපතා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. 

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ 'දලුලන්න ඉඩදෙන්න' තේමාවෙන් යුත් ජගත් පරිසර දින ජාතික සැමරුම එළඹෙන ජුනි 05වනදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි. 

(colombotimes.lk)