27 October 2025

logo

පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 3500ක් දිවයිනට



දේශීය වෙළඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 

එහි පළමු තොගය පසුගිය 23වනදා දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මීට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 

මෙරට ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%ක්, එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)