ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පීඩන අවපාතය අද (27) සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවයි.
එමෙන්ම මෙම මොන්තා සුළි කුණාටුව හෙට (28) උදෑසන චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරන බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ඉන්දීය මාධ්‍ය මෙම සුළි කුණාටුව හඳුන්වා ඇත්තේ 'මොන්තා' ලෙසයි.
(colombotimes.lk)
