රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
වයස අවුරුදු 32ක් වන ඉන්දීය ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ (26) පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයකදී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැලසුම් කර තිබූ බවයි.
අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
