27 October 2025

logo

ටාල් සක්‍රීය වෙයි



පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රීය වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිත්තු 10ක් පමණ ඇතුළත පිපිරුම් 02ක් සිදු වී ඇති බවයි. 

එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප විසි වී ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ටාල් ගිනි කන්ද අනතුරු ඇඟවීමේ පළමු මට්ටම යටතේ පවතින බවයි. 

තවදුරටත් අළු විමෝචනය හෝ කෙටි කාලීන පිපිරීම් ඇතිවීමේ හැකියාව පෙන්නුම් කරන බව පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය පවසනවා. 

එම ආයතනය දැනුම්දී ඇත්තේ මෙලෙස වාෂ්ප පිපිරීම් සහ විෂ වායු නිරාවරණය විය හැකි බැවින් එම කලාපයට විශේෂයෙන් ප්‍රධාන ආවාටය අසල ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසයි. 

පිලිපීනයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් වන ටාල් ගිනි කන්ද අවසන් වරට 2020 ජනවාරි මාසයේදී සක්‍රීය වී තිබෙනවා. 

(colombotimes.lk)