07 January 2026

logo

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර රුසියාවෙන් ප්‍රහාරයක්



රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර ළමුන් 07දෙනෙක් ඇතුළුව පුද්ගලයින් 29දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරයෙන් වයස අවුරුදු 19ක් වන තරුණියක් සහ වයස අවුරුදු 46ක් වන ඇයගේ මව මියගොස් තිබෙනවා.

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාර 101ක් පමණ එල්ල කර ඇති අතර ඉන් 90ක් පමණ විනාශ කිරීමට යුක්‍රේන හමුදා විසින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)