12 July 2025

logo

නෞකා අනතුරකින් පුද්ගලයන් 37කට තුවාල



බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නැවක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 37දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
 
එම අනතුරත් සමඟ තෙල් නැවේ ගින්නක් හටගෙන ඇති අතර තෙල් කාන්දුවක්ද සිදුවී තිබෙනවා.

එම ගින්න නිවා දැමීමට ගුවන්යානයක්, හෙලිකොප්ටරයක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ධජය සහිත තෙල් නෞකාවක් සහ පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් එකිනෙක ගැටී ඇති බවයි.

(colombotimes.lk)