17 September 2025

logo

පළමු මස තුළ මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 487ක්



මේ වසරේ ජනවාරි මාසය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළා.

එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 11.4ක වැඩි වීමක් බව වාර්තා වනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ‍විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක් එවා තිබූ බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)