කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්වය වර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන් 500ක් වෙන් කරන බව ජනාධිපතිවරයා පවසනවා.
එමෙන්ම ඌන උපයෝජිත ඉඩම් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250ක්.
කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් 2025/26 වර්ෂයට රුපියල් මිලියන 2,500 ක් වෙන් කර ඇති අතර පොල් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ පොල් වගාව සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල මිලියන 500ක්.
මේ අතර කුරුඳු හා අපනයන බෝග ප්‍රවර්ධනය වෙනුවෙන් මිලියන 250ක් වෙන් කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
colombotimes.lk