සිංහල හා අලුත් අවුරුදු සමය තුළ සහන මිලකට අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය පැකේජයක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සැලසුම් කර ඇත්තේ රුපියල් 5000ක් වටිනා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළත් කාලීන අහාර පැකේජයක් රුපියල් 2,500ක සහන මිලකට ලබාදීමටයි.
අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති 812,753ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමටද නියමිතව තිබෙනවා.
ඒ අනුව 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් එම ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිතයි.
කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මත මෙය සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)