01 April 2025


මියන්මාරයේ ජනතාවට ඉන්දියාවෙන් සහනාධාර



ප්‍රබල භූ කම්පනයකින් පීඩාවට පත් මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ටොන් 15ක සහනාධාර තොගයක් ප්‍රදානය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයෙන් සිදුවූ ආපදා හමුවේ මියන්මාරයේ හමුදා පාලනය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කර සිටි බවත් ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව මෙම සහනාධාර තොගය එවා තිබූ බවයි.

මියන්මාරයේ හමුදා පාලනයත් සමඟ මියන්මාරය සහ ජාත්‍යන්තරය අතර පවතින සබඳතා පළුදු වූ පසුබිමක මෙම ඉල්ලීම කර තිබීමද විශේෂත්වයක්.

ඉන්දියාව ලබාදුන් සහන ද්‍රව්‍යවලට කූඩාරම්, නිදන මලු, පොරෝන, ආහාර, ජල පිරිපහදු යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල, ජෙනරේටර් කට්ටල සහ ඖෂධ, ප්‍රතිජීවක, අත්වැසුම් ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්ද ඇතුළත් වනවා.  

(colombotimes.lk)