29 July 2025

logo

වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවකින් ජංගම දුරකථන 06ක්



වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ තිබී ජංගම දුරකථන 06ක් සහ උපාංග සොයාගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරක් මත බන්ධනාගාර හදසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ 'කේ' වාට්ටුව තුළ තිබී මෙලෙස ජංගම දුරකථන හා උපාංග සොයාගත් බවයි.

එමෙන්ම එම වාට්ටුව තුළ සිටින රැඳවූවන් අතර සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ද සිටින බව වැඩිදුරටත් සඳහන් කළා.

මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එම්. එස්. රන්ජිත් ඇතුළු 100කට අධික රැඳවූවන් පිරිසක් එම වාට්ටුවේ සිටින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)