28 July 2025

logo

ගාසා තීරයට මානුෂීය ආධාර බෙදීමට පැය 10ක සටන් විරාමයක්



අද (27) සිට ගාසා තීරයේ ප්‍රදේශ 03ක පෙ. ව. 10.00සිට රාත්‍රී 8දක්වා දිනකට පැය 10ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිවේදනය කර තිබෙනවා.

ඒ මහා සාගතයෙන් පෙළෙන ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා ඉඩ සලමින් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයට ගුවන් ආධාර හෙළීම නැවත ආරම්භ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ආධාර රථපෙළ සඳහා මානුෂීය කොරිඩෝවක්ද නිවේදනය කර ඇති බවයි.

එමෙන්ම ආධාර රැගත් ට්‍රක් රථ මේ වන විටත් ඊජිප්තුවේ සිට පිටත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)