24 February 2026

logo

මැලේසියාවේදී තායිලන්ත සහ කාම්බෝජ නායකයින් අතර හමුවක්



තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා ගැටුම විසඳීම සඳහා මැලේසියාව මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට තායිලන්තය සහ කාම්බෝජය එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මැලේසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගැටලුවට කිසිඳු රටක් සම්බන්ධ නොවිය යුතු බවටද දෙපාර්ශවයම එකඟ වී ඇති බවයි.

ඒ අනුව දෙරටේ නායකයින් හෙට (28) මැලේසියාවේදී හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)