ඉන්දියාවේ උත්තරාකන්ඩි හි පිහිටි කෝවිලක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 06දෙනෙක් මියගොස් තිබෙනවා.
ඉන් තවත් 35දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ උත්තරාකන්ඩි හරිද්වාර්හි පිහිටි මන්සා දේවි කෝවිලේ මෙම තෙරපීම මාර්ගයේ පඩිපෙළ මත මෙම තෙරපීම සිදුවී ඇති බවයි.
විදුලි සැර වැදීමක් සිදු විය හැකි බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් බැතිමතුන් අතර භීතියක් හට ගැනීමෙන් පසුව මෙම තෙරපීම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තෙරපීමෙන් තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල් ගත කිරීමට අදාළ පිරිස් විසින් කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)