colombotimes.lk
සිංහල | English

05 May 2024

යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු අතුරුදන් වෙයි



ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් සියලු දෙනා මියගොස් ඇති බවට සැක පල කෙරෙන බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ නයිජිරියාව, ගැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවලින් පැමිණි සංක්‍රමණකයින් 86 දෙනෙකු යාත්‍රාවේ සිට ඇතැයි සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කළා.
(colombotimes.lk)