ශ්‍රී ලාංකිකයන් 6,160දෙනෙක්ට ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.
ඊශ්‍රායල රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව එම අවස්ථාව හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයන් 1,082දෙනෙක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 41දෙනෙක් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (10) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස ඊයේ (10) ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ තවත් 177දෙනෙක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බවයි.
(colombotimes.lk)