සිරියානු රජයේ හමුදාව සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් උත්සන්න වී රට පුරා සිවිල් යුද්ධයක් ව්‍යාප්ත වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායමක් නිවේදනය කළේ මේ වන විට එම ගැටුම් සිරියාවේ ප්‍රධාන නගර වන දමස්කස් සහ ඇලෙප්පෝ දක්වා පැතිරී ගොස් ඇති බවයි.
එමෙන්ම දින 3ක් ඇතුළත එරට පුද්ගලයන් 1,300ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයන්ගෙන් 973දෙනක්ම සිවිල් වැසියන් බවයි.
බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ ආරම්භ වූ පළමු සිවිල් ගැටුම මෙය වන අතර සිවිල් වැසියන් මියයෑම පිළිබඳ එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.
(colombotimes.lk)