ඉදිරි වසර කිහිපයේ ලෝක වෙළඳපොළේ LP ගෑස් මිලෙහි විශාල වෙනසක් සිදු නොවන බව ලෝක LP ගෑස් සම්මේලනය පවසනවා.
එහි අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් සඳහන් කළේ ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල බෝහෝ විට මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600, 700 සහ 800 අතර අගයක පවතින බවයි.
කෙසේවෙතත් එය යළි ඩොලර් දහසේ සීමාවට නොයන බවද ඔහු ප්‍රකාශ කළා.
ලාෆ් ගෑස් ආයතනයේ නිලධාරීන් සමඟ පැවති හමුවකදී ලෝක LP ගෑස් සම්මේලනයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ටයිලර් මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙරට LP ගෑස් මිල තීරණය කරනු ලබන්නේ සෞදි 'ඇරම්කො' මිල දර්ශකය වන අතර අද වන විට එම දර්ශකයේ මිල ඩොලර් 650ත් ඩොලර් 700අතර දෝලනය වන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)