අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
එම සංගමය සඳහන් කළේ වර්ජනය සිදු කළද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල ක්‍රියාත්මක නොකිරීමටත් එම සංගමය තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)