17 September 2025

logo

රැකියා අහිමි වූ 66ක් ජෝර්දානයේ සිට ආපසු මෙරටට



ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක සේවය කරමින් සිටියදී ඒවා වසාදැමීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය ජාතික ආයෝජකයන් විසින් ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නම් මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා මෙම කර්මාන්තශාලා වසා දමා ඇති බව සඳහන් වනවා.

එම කර්මාන්තශාලාවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඔවුන්ට හිමි සියලුම වරප්‍රසාද ලබාගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණ තිබෙනවා.

එහි සේවය කළ තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉදිරි දින දෙක තුළ මෙරටට යොමු කිරීමට නියමිත බවද ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.
(colombotimes.lk)