2025 අගෝස්තු 01වනදා සිට අධිවේගී මාර්ගයන්හී සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
එමෙන්ම සැප්තැම්බර් 01වනදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනයන්හී සියලුම ආසනවල ගමන් කරන මගීන්ටද ආසන බඳපටි පැළඳීම අනිවාර්ය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
එහිදී ඔහු කියා සිටියේ රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2011 වසරේ සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස් රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද සිට බස් හා ලොරි රථ සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය වන බවයි.
(colombotimes.lk)