11 February 2026

logo

ලෙබනනයේ පුද්ගලයන් 09දෙනෙක් ජීවිතක්ෂයට



උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 09දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

එමෙන්ම මෙම අනතුරින් තවත් පුද්ගලයන් 8දෙනෙක් අතුරුදන්වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයන් 6දෙනෙක් බේරාගෙන ඇති අතර සුන්බුන්වලට සිරවී ඇති තවත් පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන බවයි. 

(colombotimes.lk)