colombotimes.lk
සිංහල | English

11 May 2024

ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 10ක ජයක්



2024 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ඊයේ (27) පැවැත්වුණා.

ඒ, ස්කොට්ලන්තයට එරෙහිවයි.

එම තරගයේදී කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 18ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 94ක් පමණයි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10යි පන්දුවක් තුළ කිසිඳු කඩුල්ලක් නොදැවී නියමිත ඉලක්කය පසු කළා.
(colombotimes.lk)