19 August 2025

logo

බස් රථයක් සහ ගුවන්හමුදා ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි



පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා ගුවන්හමුදා ඩිෆෙන්ඩර් රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේදීයි. 

මෙම අනතුරෙන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
 
අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථය මැදිරිගිරිය වඩිගවැව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගුවන්හමුදා ඩිෆෙන්ඩර් රථය හිඟුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ධාවනය වී තිබෙනවා. 

අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන්හමුදා නිලධාරීන් තිදෙනෙක් සුළු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)