19 August 2025

logo

ලොවම බලා සිටී සාකච්ඡා සාර්ථකයි - ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසනවා. 

ඔහු කියා සිටියේ යුද්ධය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට මෙම සාකච්ඡාවේදී අවස්ථාව හිමි වූ බවයි. 

ඇමරිකානු ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Volodymyr Zelensky මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
 
යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රුසියාව සමඟ යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බවයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවූ අතර අදාළ සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා. 

අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)