තැපැල් සේවකයන් ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස (17) ආරම්භ කළ මෙම වැඩවර්ජනය ඉතා සාර්ථකව සිදුවන බවයි.
සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අත්හිටුවීමට පියවර නොගන්නා අතර අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බව චින්තක බණ්ඩාර සඳහන් කළා.
මෙම වර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිරවී ඇති බවයි.
(colombotimes.lk)