18 August 2025

logo

MrBeastගෙන් ගිනස් වාර්තාවක්



ලොව අංක එකේ Youtuber ලෙස සැලකෙන MrBeast සහ ඔහුගේ කණ්ඩායම විසින් නවතම ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ පැය 15ක සජීවී විකාශයක් (livestream) හරහා ඩොලර් මිලියන 12ක මුදලක් ‍රැස් කිරීම හරහායි.

එය මෙතෙක් ඉතිහාසයේ සජීවී විකාශයක් (livestream) හරහා උපයන ලද වැඩිම ආදායමට හිමි වාර්තාවද වනවා.

MrBeast සහ ඔහුගේ කණ්ඩායම මෙම සජීවී විකාශය (livestream) කර තිබුණේ සිය TeamWater නැමති සමාජ සත්කාර ව්‍යාපෘතිය සඳහා මුදල් අය කර ගැනීමට සඳහායි. 

ලොව පුරා සිටින පානීය ජල පහසුකම අහිමි මිනිසුන් මිලියන 2ක් සඳහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් ලෙස TeamWater හඳුන්වනවා. 

MrBeast සහ ඔහුගේ කණ්ඩායම විසින් පසුගියදා කළ මෙම සජීවී විකාශය (livestream) ඔස්සේ උපයා ඇති ආදායම ශ්‍රී ලංකා රුපියල්වලින් බිලියන 3.6කට ආසන්න බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)