රුසියානු සහ යුක්රේන ජනාධිපතිවරුන් අතර ඉදිරි සති 02ක ඇතුළත සාම සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී ඇති බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසනවා.
ඔහු කියා සිටියේ මෙම තීරණයට එළඹී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකින් අනතුරුව බවයි.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ අනෙකුත් යුරෝපීය නායකයන් සමඟ වොෂින්ටනයේදී පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.
එම සාකච්ඡාවේදී යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවෙන් සහ යුක්රේනයෙන් ඉටු විය යුතු ප්‍රධාන කොන්දේසි කිහිපයක් පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
සාම සාකච්ඡා ආරම්භ කිරීමට පෙර රුසියාව විසින් යුක්රේන සිරකරුවන් 1,000ක් නිදහස් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම පියවර සාමය සඳහා ඇති කැමැත්ත ප්‍රදර්ශනය කිරීමක් ලෙස ඔහු අර්ථ දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)