04 July 2025

logo

කොළඹ - අවිස්සාවේල්ල පාරේ රථවාහන තදබදයක් ගැන දැනුම්දීමක්



කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අද (04) ප.ව. 4.00 සිට පැය 3ක පමණ කාලයක් අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කර වසර 106ක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලය සංවිධානය කරන වීදි පෙරහැරක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවිය හැකි බවයි. 

නවගමුව දේවාලය අසල සිට කඩුවෙල දෙසට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 3කට ආසන්න දුරක් රථවාහන තදබදය ඇතිවිය හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එමනිසා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
  
* කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන්කරන සියළුම වාහන මාර්ග අංක 143 මාර්ගය දක්වා. 

* අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලින් බර වාහන රණාළ සියඹලාගහ හන්දියෙන් හරවා ඔරුවල හන්දියෙන් වෙලේ හන්දිය, කඩුවෙල දක්වා.

* සැහැල්ලු වාහන නවගමුව හන්දියෙන් වදුරමිමුල්ල සිට කොරතොට කඩුවෙල දක්වා. 


(colombotimes.lk)