15 February 2025


වාහන ජාවාරමක් ගැන හෙළිවෙයි



නීතිවිරෝධීව එකලස් කරන ලද ජීප් රථ 03ක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජාලගත වංචා විමර්ශන ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා.

අදාළ ජීප් රථ 03න කහතුඩුව, ගෝණපිනවල සහ පිළියන්දල යන ප්‍රදේශවලදී ඊයේ (14) සොගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක වෙනස්කර ඇති බව සිදු කළ සොයාබැලීමේදී අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අංකවලට මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කූඨ නිලධාරීන්ගේද සහය ඇතිව එහි දත්ත පද්ධතිය වෙනස් කර එම වාහන ලියාපදිංචි කර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)