16 February 2025


ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්



ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එල්. එම් උදය කුමාර පවසනවා.

13වනදා පස්වරුවේ මෙම ගින්න හටගත් අතර ඒ හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ ගල් රත්වී, එම ගල් පුපුරායාමේ අවදානමක්ද මතුවී තිබුණු බවයි වාර්තා වන්නේ.
 
මේ වන විට කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින් ගල් පහළට පෙරළීමේ අවදානමක්ද පවතිනවා.

සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් විමසිලිමත්ව රිය ධාවනය කළ යුතු බවයි.

(colombotimes.lk)