රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ ඥාති සහෝදරයා එළඹෙන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුව මාරවිල වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් පාර්ලිමේන්තුවට එමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.
එම අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)